හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය - ගම්පහ

මුල් පිටුව
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය - ගම්පහ
 හැඳින්වීම

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය ගම්පහ දුම්රිය ස්ථානයට ඉතා ආසන්නයේ ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයේ සිට යාර 500 වඩා නුදුරින් පිහිටා ඇත. කොළඹ සිට දුර සැතපුම් 18 කි.

උද්‍යානයේ ආරම්භක වපසරිය අක්කර 36 ක් පමණ විය. මදක් උස් හා බෑවුම් සහිත භූමියකි. මුහුදු මට්ටමේ සිට උස අඩි 33 කි. 2005 වසරේදී තවත් අක්කර 07 ක් එකතු කරන ලදී.

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය නාගරික උද්භිද උද්‍යානයන් ලෙස කීප ආකාරයකින් මහජනතාවට සේවය සලසමින් කටයුතු කරයි. ස්ථානයෙන් බැහැර සංරක්ෂණය, උද්භිද පර්යේෂණ හා අධ්‍යාපනය සතු ප්‍රධාන ක්‍රියාකාරකමක් බවට පත්ව තිබේ. වි‍නෝදාස්වාදය ලබා ගැනීම සඳහා ද මෙය ජනප්‍රිය ස්ථානයකි.
මෙම ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2500 ක් පමණ වේ. ජනවාරි, පෙබරවාරි, සහ මාර්තු අවුරුද්දේ වඩාත්ම උණුසුම් සහ වියළි මාස වුවත් මෙම කාලය තුල පවා තද වැසි ඇති වීම අරුමයක් නොවේ. නිරිත දිග මෝසම් වැසි අප්‍රේල් මස සිට අගෝස්තු මස දක්වා ඉතා තදින් වැටේ. සැප්තැම්බර් මාසයේ සිට ඉදිරියට පවතින ඊසාන දිග මෝසම සමාන අයුරින් බෙදාහැරේ.